පරිගණක ක්‍රීඩා සඳහා දැඩිව ඇබ්බැහි වූ සරසවි සිසුවෙක් සියදිවි නසා ගනී.
Sri Lanka Police
Jaffna
Sri Lanka
Death
By krishani
යාපනය පන්නෙයි ප්‍රදේශයේ දී තරුණයෙක් සිය නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස් ඇත.
ඒ යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ 22 වියේ පසු වූ සිසුවෙකු වන සුබරාජා එෂිල්නාත් නමැත්තා ය.
ඔහු පරිගණක ක්‍රීඩා සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අයෙකු වන අතර පරීක්ෂණවලින් අනුමාන කෙරෙන්නේ මාරාන්තික පරිගණක ක්‍රීඩාවකින් ලැබුණු නියෝගයකට අනුව ඔහු මෙලෙස සිය දිවි හානිකරගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, තරුණ ජීවිත මරණය දක්වා රැගෙන යන එවැනි පරිගණක ක්‍රීඩා 11 ක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර එම පරිගණක ක්‍රීඩාවල නිරතවන පුද්ගලයින් පියවරෙන් පියවර මරණය කරා රැගෙන යන අයුරින් එම ක්‍රීඩා නිර්මාණය වී ඇත.
එමගින් එම ක්‍රීඩාවේ නිරතවන්නන් හට විවිධ අභියෝග ලබාදෙන අතර එහි අවසාන අභියෝගය වන්නේ සියදිවි හානිකර ගැනීමයි.