තම ජිවිතය දන් දී ජිවිත 05ක් බේරා ගත් සරසවි සිසුවෙක් කළ උතුම් දාන පාරමිතාව - වීඩියෝ සහිතයි.. (VIDEO)
By krishani
දුම්රියකින් ඇද වැටි මොළයට හානි වී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවෙක් මිය ගොස් ඇත.
ඒ හේතුවෙන් අදාළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ වකුගඩු දෙක, හෘදය වස්තුව, අග්න්‍යාසය සහ අක්මාව ජීවිතයත් මරණයත් අතර සිටි රෝගීන් පස්දෙනෙකුට බද්ධ කිරිමට ඔහුගේ දෙමාපියන් කැමැත්ත පළ කර ඇත.
මේ වන විටත් ඔහුගේ ඇස් දෙක දෙනෙත් නොපෙනෙන දෙදෙනෙකුට ආලෝකය ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් ගෙන තිබෙනවා.
එමෙන්ම රෝගීන්ට බද්ධ කිරීම සඳහා ඔහුගේ සම, රුධිර නාල සහ දණහිස් කටු ඇතුළු ශරීර කොටස් රැසක්ම ලබා දීමට ඔහුගේ දෙමාපියන් කැමැත්ත ලබා දී ඇත.
මෙලෙස ශරීර කොටස් පරිත්‍යාග කර ඇත්තේ වයස අවුරුදු 23ක වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.
වීඩියෝ දර්ශන - Hiru News