මළ සිරුරු තුනක් ස්ථාන තුනකින් හමු වේ..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 28, 2022 08:48 AM GMT
krishani

krishani

Report

උහන හිමිදුරාව ප්‍රදේශයේ වෙල් යායක තිබී ඊයේ (27) රාත්‍රීයේ දී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත. ඔහු එම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි අයෙකු වේ.

පේරාදෙණිය ඉලුක්කුණුව ප්‍රදේශයේ වෙල්යායක තිබී ද 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.

කිලිනොච්චිය කරඩිබොක්කු ප්‍රදේශයේ ඇළක තිබී නාදුනන පිරිමි පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇති අතර එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40ත් 50ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු වේ.

මෙම සිද්ධින් සම්බන්ධයෙන් උහන, පේරාදෙණිය සහ කිලිනොච්චිය යන පොලිස් ස්ථාන මගින් විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha