ලකාගේ පවුලටම මරණ තර්ජන... බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවට.(VIDEO)
CID - Sri Lanka Police
Youtube
Sri Lanka
Sri Lanka Social Media
By Wayomi
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ලකා නොහොත් ලක්මාල් වීරසිරිගේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, පසුගිය දිනෙක නතාෂා එදිරිසූරිය විසින් සිදු කළ "මෝඩාභිමානය"වැඩසටහනට ලකා සහ සිකා සහභාගී වී තිබීම නිසා මේ වන විට ඔවුන්ට සහ ඔවුන්ගේ පවුලේ පිරිසට විවිධ පාර්ශව වලින් චෝදනා සහ තර්ජන එල්ල වීම හේතුවෙන්.
මේ වන විට ලකා සහ සිකා ප්‍රසංගයක් සඳහා විදේශ ගතව සිටීම හේතුවෙන් ලක්මාල්ගේ බිරිඳ විසින් අදාල පැමිණිල්ල සිදු කර තිබෙනවා.
එසේම මේ වන විට විදෙස් ගතව සිටින ලකා සහ සිකා ද සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ පටයක් හරහා අදහස් දැක්වූයේ මෙලෙසින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |