"කවදාවත්ම අමතක වෙන්නෙ නම් නෑ.." - නිසල නිවහනට ගිය සොඳුරු දඩබ්බරයාගේ තනියට කට්ටියක් ඇවිල්ලා..(PHOTOS)
By krishani
ඇත්තටම සමහර මිනිස්සු මිය ගියාම හිතට දැනෙන වේදනාව කියා ගන්න තේරෙන්නෙ නැති තරම්.
හදවතින්ම ජනතාවගෙ දුක හැඳින ගත්, සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තේ සිටගත් මේ සොඳුරු දේශපාලකයාගේ හදිසි වියෝව හැමෝගෙම හිත් වේදනාව ඇති කරන්නක් වුණා.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, සාමාන්‍ය ජනයාට හිතැති තෙවරප්පෙරුම මහතා (16) වෙනිදා පස්වරුවේ මරණයට පත් වුණා.
ඒ සිය පුද්ගලික වත්තේ වැඩ කරමින් සිටියදී විදුලි සැර වැදීමක් හේතුවෙන් ය.
කෙසේ වෙතත්, පාලිත තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටිය දී ඔහු විසින් නිර්මාණය කරන ලද නිසල සෙවනෙහි අදටත් ඔහු වෙනුවෙන් තනි රකින්න බලාගෙන ඉන්න පිරිස ඇත්තටම කියන්නේ ඔහු තුළ වූ මානුෂීය ගුණය නොවේ ද?.





