වන අලි පහරදීම් වලින් දෙදෙනෙක් ජිවිතක්ෂයට..
Sri Lanka
Accident
By krishani
අම්පාර - මහඔය සහ දීඝවාපිය යන ප්‍රදේශවල දී වන අලි පහරදීම් වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වී ඇත.
ඉන් එක් අයෙක් අම්පාර - උහන ප්‍රදේශයේ පදිංචි අම්පාර පොලිස් උප ගරාජයට අනුයුක්තව සේවය කරනු ලබන සැරයන්වරයෙක් වේ.
සිය රාජකාරි නිම වී නිවසට යමින් සිටිය දී එරගම දීඝවාපිය ප්‍රදේශයේ දී ඔහු වන අලි පහරදීමට ලක් වී ඇත්තේ.
අනෙක් පුද්ගලයා මහඔය - ටැම්පිටිය ප්‍රදේශයේ දී වන අලි පහරදීමට ලක්ව මියගොස් ඇත.
ඔහු 72 හැවිරිදි වියේ පසුවන අතර ඊයේ (04) රාත්‍රියේ සුනඛයා බුරන ශබ්දයට නිවසින් පිටතට පැමිණ ඇති අතර එහිදී ඔහු වන අලි පහරදීමට ලක්ව ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |