විදුලි කේතලය ජිවිතයකට ගෙනා සංවේදී ඛේදවාචකය - ඔබත් ජලය උණු කිරිමට යාමේ දී මේ දේ ගැන අවධානයෙන් පසුවන්න..
විදුලි කේතලයකින් ජලය උණු කිරීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදී එම පුද්ගලයා ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙක් ය.
ඔහු විදුලි කේතලය විදුලි පරිපථයට සම්බන්ධ කිරීමට යාමේ දී මෙම විදුලි සැර වැදීම සිදු වී ඇත්තේ.
මේ අතර, පෙරේදා (27) උදෑසන මහනුවර යාපනය මාර්ගයේ චාවකච්චේරිය නගරය අසල දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු ජිවිතක්ෂයට පත් විය.
ඒ මහනුවර දෙස සිට යාපනය දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දිශාවටම ගමන් ගත් පාපැදියක ගැටීමෙන් ය.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිර්‍රිමෙන් පසු මිය ගිය බව පොලිසිය සඳහන් කළේ ය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ 73 හැවිරිදි නූනාවිල් මධ්‍යම, චාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.
චාවකච්චේරිය පොලිසිය සඳහන් කළේ, අනතුර සිදු කළ මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බවයි.
එමෙන්ම පෙරේදා (27) දහවල් කාලයේ දී දැදිගම, කෝපිවත්ත ප්‍රදේශයේ දී බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදු වී අනතුරකින් පුද්ගලයකු මරණයට පත් විය.
මෙම අනතුර සිදු වී ඇත්තේ කෝපිවත්ත වේරගොඩ දෙස සිට යට්ටෝගොඩ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගය අයිනේ නවතා තිබිය දී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් එම බස් රථයේ ගැටීමෙන් ය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.
එසේ මරණයට පත් වී ඇත්තේ වයස අවුරුදු 81ක් වූ මොරගොල්ල, ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.
කෙසේවෙතත්, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දැදිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |