හිතුවෙවත් නැති විදිහට, දිය යට දාන්න ගිය අමුතු ඔට්ටුවක් නිසා සිදු වුණ දේ - සියල්ලන් කළබල වෙලා..

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Death
By krishani Oct 08, 2023 05:46 PM GMT
krishani

krishani

Report

ඊයේ (08) ඔට්ටුවකට දිය යට සිටීමේ තරගයක් පැවැත් වූ පිරිසක් අතුරින් එක් පුද්ගලයෙක් දියේ ගිලීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ පාදුක්ක - තුන්නාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙක් ය.

පිරිසක් එකතු වී සාදයක් පවත්වා තිබෙනවා.

එහිදී දියපිරි වළක ස්නානය සඳහා ගොස් ඇති අතර එහිදී හුස්ම අල්ලාගෙන වැඩිම වේලාවක් දිය යට සිටින පුද්ගලයා තෝරා ගැනීමේ තරගයක් පවත්වා තිබෙනවා.

එම අවස්ථාවේ දී එක් අයෙක් වලෙහි යටට වී නිසොල්මන්ව සිටීම හේතුවෙන් අනිත් පිරිස කළබල වී ඇත.

පසුව ඔවුන් විසින් ඒ පිළිබඳව සොයා බලා ඇති අතර අදාළ පුද්ගලයා එහිදී සිහිසුන්ව සිටීම නිසා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

ReeCha