ඔයත් දුම්රිය පා පුවරුවේ ගමන් කරනවා නම් මේ දේ ගැනත් දැනුවත් වන්න..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Railways
Accident
Death
By krishani
ඊයේ (25) පස්වරුවේ මරදාන සිට හික්කඩුව බලා ගමන්ගත් සීඝ්‍රගාමී දුම්රියේ පා පුවරුවේ ගමන්ගත් පුද්ගලයකු ආලෝක සංඥා කුලුනක ගැටී බරපතළ තුවාල ලබා තිබෙනවා.
ඒ කළුතර උතුර සහ කළුතර දකුණ දුම්රිය ස්ථාන අතර කළුතර උතුර මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ පිහිටි ආලෝක සංඥා කුලුනේ ය.
ඒ වනවිට දුම්රිය මැදිරි තුල අධික මගීන් පිරිසක් සිට ඇත.
එහිදී පාපුවරුවේ එල්ලී සිටී පුද්ගලයා ආලෝක සංඥා කුලුනේ ගැටී දුම්රියෙන් ඉවතට විසි වී මීටර් 30 ක් පමණ ඈතට විසි වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, වැඩිදුර පරීක්ෂණ කටයුතු කළුතර උතුර පොලිසිය විසින් සිදුකරනු ලබයි.
