අකුණක් ජිවිතයකට ගෙනා සංවේදී ඉරණමක් - මේ ගැනත් අවධානයෙන් සිටින්න..
Sri Lanka Police
Jaffna
Sri Lanka
By krishani
අකුණක් පිපිරීමත් සමඟම ඇති වූ විදුලි කාන්දු වීමකින් යාපනයේ කෝපායී පාරේ ගරාජයක සේවය කරමින් සිටි පුද්ගලයෙකු විදුලි සැර වැදී ජිවිතක්ෂයට පත් විය.
ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර එම අකුණ පිපිරී ගිය අවස්ථාවේ දී මියගිය පුද්ගලයා ගරාජයේ වාහනයක් අළුත් වැඩියා කරමින් සිට තිබෙනවා.
ආත්තිසූඩී පාරේ පදිංචි සෙල්වරාසා සුජිදරන් නමැති වයස අවුරුදු 40ක් වන තිදරු පියෙක් වන ඔහු ගරාජයේ අයිතිකරු ද වේ.
සිද්ධිය වූ ස්ථානයේදීම ඔහු මියගිය අතර මළ සිරුර යාපනය කෝපායි රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කෝපායී පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |