කැලෑබද ප්‍රදේශයක ගල් දෙබොක්කාවකින් පුද්ගල මළසිරුරක්.
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (07), දිවිතුරවත්ත - ඇත්කදුර ප්‍රදේශයේ ලැයිමක් අසල කැලෑබද ප්‍රදේශයක ගල් දෙබොක්කාවක තිබී පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 21 හැවිරිදි අවිවාහක තරුණයෙක් වන අතර මෙම පුද්ගලයා ඔහුගේ බාල සොහොයුරා සමග නිවසේ පදිංචිව සිට ඇත්තේ.
ඔහු තවත් පුද්ගලයෙකු සමග පසුගිය 05 වන දින නිවසෙන් පිටව ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිනීම ඇත.
ඒ හේතුවෙන් ඔහුගේ සහෝදරයා විසින් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇත.
කෙසේවෙතත්, මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
ඇල්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |