මෙරට සද්ධන්තයෙකුට සිදුකර තිබූ මහපොළව නුහුලන අපරාධය..
Shooting
Sri Lanka
Elephant
Death
By krishani
මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ වන අලියෙකුට හිසට වෙඩි වැදී මිය ගොස් සිටිය දි ඊයේ පිඹුරත්තාව වනජීවි අඩවි නිළධාරීන්ට හමුව තිබෙනවා.
ඒ දඩයක්කෞරුවකු විසින් වෙඩි තබා තිබිය දී ය.
වයස අවුරුදු 35ක් පමණ උස අඩි අටහමාරක් පමණ වූ මෙම සද්දන්ත වන අලියා ආහාර සොයා ආහාර සොයා වනාන්තරය තුළ ඇවිද අවස්ථාවේ දී මෙම වෙඩි ප්‍රහාරයට ලක් වී තිබෙනවා.
මෙම වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නැගෙනහිර පළාත භාරව කටයුතු කරන පසු වෛද්‍ය පුෂ්ප කුමාර මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම විසින් සිදු කරනු ලැබූවා.
වනෝද්‍යාන තුළට ඇතුළු වී සිදු කරන මෙම අපරාධ වළක්වා ලීමට වනජීවී නිලධාරීන් විවිධ පියවර ගනිමින් කටයුතු කරනු ලබනවා.
- සිතුමි -
