වතුර ටැංකියකට වැටී කුඩා දැරියක් මියගිය සංවේදී පුවතක්.
Sri Lanka Police
Sri Lanka Police Investigation
Accident
Death
By krishani
නෙළුක්කුලම - භාරතීපුරම් ප්‍රදේශයේ දී කුඩා දැරියක් ජල ටැංකියකට වැටී මියගොස් තිබෙනවා.
එලෙස මියගිය දැරිය තවත් දරුවන් කිහිපදෙනෙකු සමග ක්‍රීඩා කරමින් සිට ඇත.
එම අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
අනතුරෙන් පසුව දැරිය වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් ඇති බව වාර්තා වේ.
එලෙස මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස 11ක් වයසැති වව්නියාව භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් ය.
කෙසේ වෙතත්, මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට භාර දී ඇත.
