ජීවිතයෙන් වන්දි ගෙවූ පෙම් පලහිලව්ව..
ඊයේ (25) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බේස්ලයින් පාර බණ්ඩාරනායක වටරවුම ආසන්නයේදී පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර තිබුණි.
එලෙස මියගොස් ඇත්තේ, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු වෙසක් සිරි නැරඹීම සඳහා තම හිතවතුන් කිහිපදෙනෙකු සමග ඔරුගොඩවත්ත දෙසට ගමන් කරමින් සිටින අතරතුරදී තියුණු ආයුධයකින් පහර කෑමට ලක්ව මෙලෙස ඝාතනයට ලක්ව ඇත.
මෙම ඝාතනය ප්‍රේම සම්බන්ධතාවයක් මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් සිදු කර ඇති අතර මරණකරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
ඝාතනය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 හා 18 වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.