ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුටුවක් මත අභිරහස් ලෙස පුද්ගලයෙක් මියයයි.(PHOTOS)
Police spokesman
Sri Lanka Police
Colombo
Accident
Death
By Aruna
බත්තරමුල්ලේ පිහිටා ඇති ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.
යුද හමුදා සෙබලෙකුට අද උදෑසන මෙම මළ සිරුර හමු වී ඇත්තේ, එම පරිශ්‍රයේ ඉහල මහලේ පුටුවක් මත තිබියදීයි.
මිය ගොස් ඇති පුද්ගලයා හැත්තෑ තුන් හැවිරිදි කැලණිය වෙදමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
වැඩිදුරටත් පොලීසිය සඳහන් කළේ, ඔහු එම දෙපාර්තමේන්තුවේ පිරිසුදු කිරීම අංශයේ සේවයට අනුයුක්තව සේවය කළ අයෙකු වන බවයි.
පරිශ්රයේ ඉහළ මාලයේ පිරිසිදු කිරීම සඳහා යොදවා තිබූ අතර එම මහලේ පුටුවක් මත ඔහු මෙසේ මිය ගොස් තිබියදී හමුවී ඇත.
දේහය පශ්චාත් මරණ පරීක්ෂණ හා කොළඹ ජාතික රෝහලට යොමු කර ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |


