මිය ගිය යුවලගේ මළසිරුරු මතින් හමුවූ අරුම පුදුම දේ මෙන්න..

Sri Lanka Death body Uragasmanhandiya
By Aruna Oct 22, 2021 03:12 AM GMT
Aruna

Aruna

Report

ඌරගස්මංහන්දිය- කොරකීන ප්‍රදේශයේ නිවසකින් යුවළකගේ මළ සිරුරු හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මියගිය පුරුෂයා විසින් කාන්තාව ඝාතනය කර ඔහුද සියදිවි හානි කරගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

ඌරගස්මංහන්දිය - කොරකීන ප්‍රදේශයේ නිවසකින් කාන්තා මළ සිරුරක් සහ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවුණේ ඊයේ පෙරවරුවේදීයි.

එහිදී අදාළ කාන්තාවගේ මළ සිරුර එම නිවසේ කාමරයක ඇඳක් මත තිබී හමු වූ අතර ඇගේ දෑත් මත මල් කළඹක් ද තබා තිබුණා.

පසෙකින් ගෙල වැළලාගෙන මිය ගොස් සිටි පිරිමි පුද්ගලයකුගේ දේහයක් ද හමු වූ බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව සිදු කල මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, තම නීත්‍යානුකූල විවාහයන්ගෙන් වෙන් වී අදාළ යුවළ වසර 05ක පමණ කාලයක් අනියම් සබඳතාවයක් පවත්වමින් එම නිවසේ කල්ගත කර ඇති බවයි.

ඔවුන්ට, සිය නීත්‍යානුකූල විවාහයන් තුළ දරුවන් සිටින බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

කෙසේ වෙතත්, එක්ව සිටි කාලය තුළ ඇති වූ ගැටලුවක් මෙම ඝාතනයට සහ සියදිවි හානිකර ගැනීමට හේතුව වන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

එලෙස මිය ගොස් ඇත්තේ ඌරගස්මංහන්සිය - කොරකීන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 38 හැවිරිදි කාන්තාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර මෘතදේහ පිළිබඳ මරණ පරීක්ෂණයේ සහ මහේස්ත්‍රාත් පරීක්ෂණ වාර්තා අද ලැබීමට නියමිතයි.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.