මෙරට විසූ ප්‍රවීණ ගායන ශිල්පියෙක් හදිසියේ ජීවිතක්ෂයට පත් වෙයි..
Sri Lanka
Death
By Aruna
ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වනවා.
ඔහු මෙසේ මිය ගොස් ඇත්තේ, අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ.
මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී ඇත.
අනිල් භාරතී මහතා ගායනා කරන ලද ගීත අතරින් බහුතරයක් නත්තල් ගීත වීම විශේෂයක්.
ඒ අතර, බෙත් ලෙහෙම් පුරේ - දිළිඳු ගව ලෙනේ ගීතය රසික හදවත් දිනාගැනීමට සමත් විය.
රිදියගම සිංහ පැටවුන්ට නම් තියන්න මහජනයාට මෙන්න දුර්ලභ අවස්ථාවක්.. සිංහයින් බලන්න නිදහස් දා රිදියගමට හැමෝම එන්න.(PHOTOS/VIDEO)
මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇති අනිල් භාරතී මහතා, වසර 50ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ප්රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද කටයුතු කර ඇත.
ඔහු ගුවන් විදුලියේ අධ්යක්ෂ ධුරය ද හොබවනු ලැබුවා.
You May Like This Video