බෝතල් කටු, දරුවෙකුට ගෙනා සංවේදී ඉරණම - ඔබේ දරුවාත් ආරක්ෂිත ද?..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Accident Death
By krishani Jun 09, 2023 03:03 AM GMT
krishani

krishani

Report

ඊයේ (08) පස්වරුවේ, මුල්ලේරියාව - හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට තිබී විදුරු බෝතලයක කටු ඇනී තුවාල සහිතව මියගොස් සිටි දරුවෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

ඒ 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මුල්ලේරියාව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයක දී ය.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 5යි මාස 6ක් පමණ වයසැති මාලඹේ හල්බරාව ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය.

මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවාකාලයේ රැකියාව සඳහා පිටව යන බැවින් එම දරුවා ආච්චි සහ සීයාගේ රැකවරණය යටතේ සිට ඇත. 

මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ ස්ථානීය පරීක්ෂණය මේ වනවිට සිදුකර තිබෙනවා.

කෙසේවෙතත්, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනය වෙත යොමුකර ඇත. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join