ළමුන් 200කගේ ජිවිත අහිමි කළැයි ඖෂධ සමාගම් 08කට නඩු..
ඉන්දුනීසියානු ළමුන් 200කට වැඩි පිරිසකට 2022 වසරේ සිට කැස්ස සිරප් ලබාදීමෙන් පසු ඇති වූ වකුගඩු ආබාධවලින් මිය ගොස් ඇති බවට සැක පළ කරමින් ඔවුන්ගේ දෙමව්පියන් විසින් නඩු පවරා ඇත.
ඒ අනුව පසුගිය වසරේ මිය ගිය සිව් හැවිරිදි නූර් ආසියාගේ පවුලේ අය සහ තවත් වින්දිතයින් 24 දෙනෙකුගේ ඥාතීන් විසින් ඉන්දුනීසියාවේ රජයට සහ ඖෂධ සමාගම් අටකට එරෙහිව නඩු පවරා ඇත.
විදෙස් මාධ්‍ය දක්වන්නේ, මෙම කැස්ස සිරප්වලට ගොදුරු වූ එකම රට ඉන්දුනීසියාව නොවන බවත් ගැම්බියාවේ සහ උස්බෙකිස්තානයේ කැස්ස සිරප් හේතුවෙන් මරණ 100ක් පමණ වාර්තා වී ඇති බවත් ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් හයක් පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
එසේ අදාළ සමාගම්වලට එරෙහිව නඩු පැවරීමෙන්, මියගිය සෑම දරුවෙකුටම ඩොලර් 195,000 ක් සහ අසනීප වූ සෑම දරුවෙකුටම ඩොලර් 130,000 ක් පමණ මෙම නඩුවෙන් වන්දි ඉල්ලා ඇත.
කෙසේවෙතත්, ඉන්දුනීසියාව නඩු පවරා ඇති සමාගම් මේ සඳහා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
