දස හැවිරිදි පාසල් සිසුවෙක් වැසිකිළියේ දී සියදිවි හානිකර ගනී..

Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Jun 12, 2023 07:08 AM GMT
krishani

krishani

Report

අවුරුදු දහයක පාසල් සිසුවෙකු සිය නිවසේ වැසිකිලිය තුල දි රෙදි පටියකින් ගෙල වැළලාගෙන මියගොස් ඇති බව බගවන්තලාව පොලිසිය සඳහන් කළේ ය.

මෙලෙස මියගොස් ඇත්තේ, ඕල්ඩි දමිල මහා විද්‍යාලයේ 5 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි මහෙෂ්වරන් ශාන්ත රුබන් නැමති සිසුවෙක් ය.

පොලිසිය සැක කරන්නේ, සෙල්ලම් කරමින් සිටි ඔහු වැසිකිලිය වෙත ගොස් ලි දණ්ඩයක් වැසිකිලියේ කවුළුවේ රදවා රෙදි කැබැල්ලක් එහි ගැට ගසා එල්ලිමෙන් මියගොස් ඇති බවයි.

කෙසේවෙතත්, මියගිය දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු වැඩිදුර පරික්ෂණ සිදුකරයි.