එකම පවුලේ 10කට මරු කැඳ වූ වෙඩිල්ල..

By krishani Apr 21, 2023 11:49 PM GMT
Report

දකුණු අප්‍රිකාවේ සිදු කළ වෙඩි තැබීමකින් එකම පවුලේ 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් නිවසක් තුළට ඇතුළු වී කළ වෙඩි තැබිමෙනී.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා හඳුනාගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේවෙතත්, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පුද්ගලයින් ඝාතනය කිරීමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වන ලොව පුරා රටවල් අතර දකුණු අප්‍රිකාව පෙරමුණේ පසු වේ.

තව ද මෑත වසර කිහිපය පුරාම එරටින් වෙඩි තැබීමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වී තිබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join