රජයේ ඉස්පිරිතාලෙන් අමුවට මිනිස්සූ මරන්න පටන් අරන්..මේ වගේ දෙයක් කාටවත් වෙන්න එපා [PHOTO]

Facebook Latest Headlines Sinhala news
By Hashini Jun 01, 2025 11:36 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකාවේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි සේපාලි ඩයස් මහත්මිය, චිකුන්ගන්‍යා රෝගයට ගොදුරු වී, ගම්පහ රෝහලේදී ප්‍රතිකාර ලබා ගත් අතර, එහිදී ඇයට නිකුත් කළ බෙහෙත් වර්ගයක් ආසාධනය වී තිබීම හේතුවෙන් බරපතළ සෞඛ්‍ය තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බව පවසයි.

 "ලොවේ තවත් කෙනෙකුට මෙවන් විපතක් නොවනු වස්, මෙසේ සටහන් කිරීමට සිතුවෙමි," යැයි සේපාලි ඩයස් මහත්මිය තම අත්දැකීම් හා ජනතාව දැනුවත් කිරීමේ අභිලාෂයෙන් සංවේදී ලෙස මුහුණු පොතට මෙහෙම සටහනක් දාලා තිබුණා.

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

උපුටා ගැනීම..
"ලොවේ තවත් කෙනෙකුට මෙවන් විපතක් නොවනු වස් මෙසේ සටහන් කිරීමට සිතුවෙමි.."

2025/02/22 දින චිකන්ගුන්යා රෝගය වැළදීමෙන් පසුව ඇති වූ හන්දි වේදනා නිසා මාව 2025/04/01 දින ගම්පහ රෝහලේ වෛද්‍ය හිමන්ත අතුකෝරල මහතා යටතේ පවත්වනු ලබන රුමටොයිඩ් සායනය වෙත යොමු කළ අතර, එහිදී මාසයක් බීම සදහා මා හට බෙහෙත් වර්ග 4 ක් ලබා දුනි.

මාසයක් බීමෙන් පසු යම් තරමක් සුව වූ නමුත් වළලුකරේ වේදනාව අඩු නොවූ නිසා 2025/04/29 දින සායනයේදී කළින් උදේට පමණක් ගැනීමට දුන් SULFASALAZINE නමැති බෙහෙත දින 11 ක් උදේ හවස බීමෙන් පසු මෙසේ ,STEVEN JOHNSON SYNDROME නැමැති මාරාන්තික Allergic තත්වයක් ඇති වී මාව 2025/05/10 දින කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර, දින 16 ක් මුළු ඇගේම පිටත සහ ඇතුලත දිය පට්ටා හටගෙත, ඉතාමත් දැඩි වේදනා වඳිමින් ප්‍රතිකාර කර, වෛද්‍යවරුන්ගේ නොපසුබට උත්සාහයෙන් මා කෙමෙත් සුව අතට හැරුණි.

හෙට දිනයේත් ප්‍රදේශ රැසකට වැසි - මේ ප්‍රදේශවල අය අවධානෙන්

හෙට දිනයේත් ප්‍රදේශ රැසකට වැසි - මේ ප්‍රදේශවල අය අවධානෙන්

මාගේ ඇස් දෙක පවා අන්ධ වීමට ගොස් ඉතා අපහසුවෙන් සුව අතට පත් වුණි. එහෙත් කළින් තිබූ පෙනීම මා හට දැන් නැත. 2025/05/26 දින මා රෝහලෙන් බැහැර වී ආ නමුත් තවමත් සම්පූර්ණ සුවයක් නැත. වෛද්‍යවරුන් පැවසූයේ නැවත වරක් බෙහෙත් Allergic වුවහොත් මාගේ ජීවිතය අහිමි වන බවය.

ඉතින් මෙය දැකීමෙන් පසු ඔබ සැවොම බෙහෙත් ගැනීමේදී කල්පනාකාරීව කටයුතු කර, මා හට පත් වූ ඉරණම අත් නොවීදීමට වගබලා ගනු ඇතැයි මාගේ ඒකායන ප්‍රාර්ථනයයි..

දරුවන් අතර වේගයෙන් පැතිර යන රෝග 3ක් ගැන හදිස්සි දැනුම්දීමක්

දරුවන් අතර වේගයෙන් පැතිර යන රෝග 3ක් ගැන හදිස්සි දැනුම්දීමක්

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා!

නීරෝගි වෙත්වා!

සුවපත් වෙත්වා!

සැපසේ වෙසෙත්වා! 🙏

මගේ අම්මට මාව බලන්න එන්න බැරි වුණත්, හැමදාම මට සෙත් පැතුවා, කාංචනමාලි අක්කා මං වෙනනුවෙන් ගොඩාක් මහන්සි වුණා, අදටත් මාව ගෙදර නතර කරගෙන බලාගන්නෙ එයා. කුමාරි, මගේ ආදරණීය මිතුරියයි. හැමදාම මහත්තයත් එක්ක ගම්පහ ඉදන් ආවා මාව බලන්න ඉස්පිරිතාලෙට. මට ගොඩාක් උදවු කලා. මගෙ පුතා, කලණ, අක්කා උදේනි, රන්මලී අක්කා, මගේ මල්ලි ,කෞෂල්‍යා, ඒ හැමෝම මට උදවු කලා. මුදිතා අක්කා,නිලූකා අක්කා,හර්ෂනී නංගි,චේතා නංගි,තිලංකා අක්කා මාව බලන්න ආවා වගේම මට උදවු කලා. රුක්මාලි අක්කා, මගේ ‘ සෙනෙහැති සිත් මිතුරු කැළ’ මගේ දුක බෙදාගත්තා. මං වෙනුවෙන් පන්සල් ගිහින් බෝධි පූජා පැවැත්වුවා. නම් සදහන් නොකළත්, තවත් බොහෝ නෑදෑ හිතමිතුරු පිරිසක් මාව බලන්න රෝහලට ආවා. මාව ධෛර්ය්‍යමත් කළා. මගේ හිත සැනසුවා. ඔබ සියලුදෙනාගේම අශීර්වාදය මට ලැබුණා. ඒ හැමදෙනාටම ගොඩාක් පින්. කඩා වැටුණු මගෙ හිත ශක්තිමත් කලාට.. "

මේ ක්‍රීම් වර්ග නම් ගාන්න හිහන්නවත් එපා! - ලැයිස්තුව මෙන්න..

මේ ක්‍රීම් වර්ග නම් ගාන්න හිහන්නවත් එපා! - ලැයිස්තුව මෙන්න..

අපි සියලුදෙනාම ප්‍රාර්ථනා එක් කරමු.. අනන්ත බුදු ගුණ බලයෙන්, දම් ගුණ බලයෙන්, සඝ ගුණ බලයෙන් සියලු ලෙඩ දුක්, චිත්ත පීඩා දුරු වී ශාන්ත සුවයම ලැබේවා! කියලා.. 😌🙏

"ආරෝග්‍ය පරමා ලාභා – සන්තුට්ඨි පරමං

ධනං විස්සාස පරමා ඤාතී – නිබ්බාණං පරමං සුඛං"

"ලෙඩ නැති බව උත්තම ලාභය වේ - සතුටට සමවන දනයක් නොම වේ

නෑ කම විශ්වාසය මත රැඳ වේ - නිවනට සමවන සුවයක් නොම වේ"  

උපුටා ගැනීම අවසන් 


ReeCha