ගාලුමුවදොර වෙරළට ගොඩ ගැසූ මිය ගිය කැස්බෑවා...මිය ගිය හේතුවත් හෙළිවෙයි. (PHOTOS)

Sri Lanka Police Colombo Sri Lanka Sri Lanka Navy
By krishani Aug 16, 2023 09:43 AM GMT
krishani

krishani

Report

අද උදෑසන ගාලුමුවදොර වෙරළට මිය ගිය බටු කැස්බෑවෙකු ගොඩ ගසා තිබුණා.

මෙම කැස්බෑවා යම් පුපුරණ ද්‍රව්‍යක් හේතුවෙන් මියගොස් ඇති බවයි කොළඹ දිස්ත්‍රික්ක භාර වන සත්ත්ව අඩවි අරක්ශක සමන් ලියනගම මහතා ප්‍රකාශ කළේ.

"කැස්බෑවකු ගෝල්ෆේස් වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව කොළඹ පොලිසියත් කොළඹ නාවික හමුදාවත් අපිට දැනුම් දීමක් කරා.

පසුව අපි කැස්බෑවා පරික්ෂා කළා.මෙම කැස්බෑවා පුපුරන ද්‍රව්‍ය ක්‍රියාකාරකමක් නිසා මිය ගිහිල්ලා ඇතැයි අපි සැක කරනවා.ඒ පිළිබඳව සලකුණු කැස්බෑව තුළ තියෙනවා.මේක වරදක් විය හැකියි.මේ නිසා කොළඹ මහේස්ත්‍රාත්වරයාට මෙය ඉදිරිපත් කර අවශ්‍ය මරණ පරීක්ෂණය සිදු කරනවා.."

- සිතුමි -

GalleryGalleryGallery
ReeCha