මිතුරන් සමග ගිය සුරාජ්ගේ සිරුර වැවෙන් මතුවෙයි

dead body Thissamaharamaya Weeravila lake H.R.Suraj Mahindhapura
By Sewvandhi Oct 14, 2021 11:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තිස්සමහාරාම වීරවිල වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (14) වීරවිල පොලීසිය විසින් ගොඩගෙන තිබේ. එම මළ සිරුර ඉකුත් 12 වනදා මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කිරීමට ගොස් අතුරුදන් වූ පුද්ගලයාගේ බවට ඔහුගේ ඥාතීන් හඳුනාගෙන ඇත. ඔහු 45 හැවිරිදි හෙන්දාවිතාරණගේ රංග සුරාජ් නැමති වීරවිල මහින්දපුර ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණයෙකි.

මියගිය පුද්ගලයා වැලිගම සිට තිස්සමහාරාමයට පැමිණි මිතුරන් 6 දෙනෙකු සහ දෙබරවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සමග වීරවිල වැව අසල මත්පැන් පානය කරමින් සිටින ආකාරය ඔහුගේ වැඩිමහල් සහෝදරයා දැක තිබේ. පසුදා වනතුරු ඔහු නිවසට නොපැමිණීම නිසා වැඩිමහල් සහෝදරයා විසින් වීරවිල වැව ප්‍රදේශය සෝදිසි කරඇති අතර වැව්බැම්ම මත මත්පැන් පානය කරමින් සිටී ඔහුගේ යතුරුපැදිය සහ පාවහන් සොයාගෙන ඇත. ඒ පිළිබඳව සැකසිතූ සහෝදරයා විසින් සිද්ධිය පිළිබඳව වීරවිල පොලීසියට පැමිණිළි කර තිබුණි.

ඒ අනුව ඊයේ (13) දිනය පුරා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් විසින් වීරවිල වැවබැම්ම ආසන්නයේ පරීක්ෂාකිරීම් සිදුකර තිබුණි. එහිදී අතුරුදන් වූ පුද්ගලයා සොයාගැනීමට නොහැකි වී තිබූ අතර අද අලුයම 4ට පමණ එම ස්ථානයේ පුද්ගල මළ සිරුරක් පාවෙමින් ඇති ආකාරය ගම්වාසීන් විසින් දැක තිබේ. ඔහුගේ මරණය සැකසහිත බවට ඥාතීන් චෝදනා කිරීමත් සමග වීරවිල පොලීසිය විමර්ශන ආරම්භ කළේය.

ඒ අනුව ඔහුගේ නිවස ඉදිරිපිට ස්ථානයක සවිකර තිබූ CCTV කැමරා පරීක්ෂා කිරීමේදී ඉකුත් 12 වනදා සවස 4.20ට පමණ වෑන් රථයකින් මිතුරන් පිරිසක් විසින් ඔහුව රැගෙන යන ආකාරයත් යළිත් රාත්‍රී 8.20ට පමණ බීමතින් සිටින මිතුරන් පිරිස ඔහු නොමැතිව ඔහුගේ නිවසට පැමිණෙන ආකාරයත් සටහන් වී තිබේ.

එසේ පැමිණි පිරිසෙන් එක් අයෙකු සන්තකයේ රෙදි බෑගයක් තිබූ බවත් පසුව අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ සරම සහ කමිසය එසේ රැගෙනවිත් ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලාගෙන් සිදුකර ප්‍රශ්න කිරීම් අනුව 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වීරවිල පොලීසිය පවසයි. තවත් දෙදෙනෙකු ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් ඇති බව පොලීසිය පැවසීය. මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව සොයා වීරවිල පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු with ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සිකුරාදාවක්ම සවස 4.00 ට අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.


වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.



ReeCha