දිනෙන් දින සිදුවන ස්ත්‍රී දුෂණ ඉහළට. - සමාජ මාධ්‍යය ඔස්සේ සිදුවන අපයෝජනත් වැඩිවෙලා.
සමාජ මාධ්‍යය මඟින් බහුලව සිදු වන ළමා අපයෝජනයන් ගැන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කරනවා.
ඔහු මෙම කරුණු අවධාරණය කර සිටියේ, රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සමාජ මාධ්‍යයෙන් සිදුවන අපයෝජන බොහෝමයක් වාර්තා නොවන බවයි..
"පසුගිය මාස 9ට පොලීසියේ පරිගණක අපරාධ අංශයට සමාජ මාධ්‍ය හරහා සිදුකළ අපරාධ 3,500 ඉක්මවලා තියෙනවා. එයින් හරියටම මට මතක නෑ. නමුත් 500ක් වගේ ප්‍රමාණයක් ළමා අපචාර තියෙනවා. එවායින් සමාජ මාධ්‍ය හරහා ආරම්භය ලබලා ඉන් ඔබ්බට ගිහින් අපචාරය ගැන දූෂණය ගැන පැමිණිලි එනවා. එතකොට ඒ ගැන රාජකාරිය කරන්න පොලීසියට උසාවියට යනවා. හැබැයි ඒකට හේතුව සමාජ මාධ්‍ය කියන එක ඒ සංඛ්‍යාවට එකතු වෙන්නේ නෑ."
මේ අතර එම වැඩසටහනට එක්ව සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා ද ළමා අපයෝජන සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසින්,
"මේ 168 දෙනා වයස අවුරුදු 16ට අඩු දැරියන් පියා විසින් දුෂණයට ලක්කරලා තියෙනවා අවස්ථා 10ක්. සහෝදරයෝ විසින් දූෂණය කරලා තියෙනවා අවස්ථා 16ක්. මවගේ අනියම් පුරුෂයා විසින් දුෂණය කරලා තියෙනවා අවස්ථා 7ක්. සීයා විසින් දුෂණය කරලා තියෙවා අවස්ථා 3ක්. ළඟම ඥාතීන් විසින් දුෂණය කරලා තියෙනවා අවස්ථා 8ක්. එතකොට ප්‍රේම සබඳතා නිසා දරුවන් දුෂණය වෙලා තියෙනවා අවස්ථා 110ක්, බලෙන් දුෂණය කරපු අවස්ථා තියෙන්නේ 14යි. ඔක්තෝබර් මාසයේ අපි ගත්තොත් 131ක් තියෙනවා. එකේ පියා විසින් දුෂණය කරලා තියෙනවා අවස්ථා 5ක දී. මවගේ අනියම් පුරුෂයා විසින් දුෂණය කරලා තියෙනවා අවස්ථා 5කදී. නෑකම් තියෙන අය දුෂණය කරලා තියෙනවා අවස්ථා 10ක්. අසල්වාසීන්ගෙන් අවස්ථා 8ක්. වෙනත් ඥාතීන්ගෙන් අවස්ථා තුනක්. ප්‍රේම සබඳතා නිසා අවස්ථා 97ක්. පූජ්‍ය පක්ෂයෙනුත් එක් අවස්ථාවක්. ආරක්ෂක අංශයෙන් අවස්ථා දෙකක් වාර්තා වෙනවා. මේවා විශ්ලේෂණය කළොත් ළමයාගේ භාරකාරත්වය දරණ, ළමයාගේ ළඟම අය තමා මේ විදියට ස්ත්‍රී දුෂණයට ලක්කරලා තියෙන්නේ."
