දැන් පවුල නිසා සංවරයි.වගකීමක් ගන්න පුළුවන්. දරුවන් දෙදෙනෙක් සමඟ පෙම්වතිය විවහා කරගත් දසුන් පතිරණ. (PHTOS)
දක්ෂ තරුණ රංගන ශිල්පියෙක් තමයි දසුන් පතිරණ. මෝටබයිසිකල් හුස්ම ගිරිදේවී තණමල්විල කොල්ලෙක් අඩෝ වගේ සිනමා පට සහා ටෙලි කතා වල දක්ෂ ලෙස රංගනයෙන් දායකවුනු මොහු දැන් සිටින දක්ෂම රංගන ශිල්පියෙක්
1985 ජුලි මස 26 උපත ලැබු දසුන් පතිරණ මියුසික් වීඩියෝ වලින් මුලින්ම ජනධරයා හිමිකරගනිමි කාලයත් එක්ක රංගන ක්ෂේත්රය පැමිණ 2014 වසරේදී හොඳම නළුවා සම්මානයත් ලබාගැනීමට ඔහුට හැකියව ලැබුනා. ඉතින් හැමෝම කරන දේවල් නොකර ඔහු මුලින්ම බබාලා දෙන්නෙක් හදල ඉවර වෙලා තමයි තම පෙම්වතිය ව්වාහ කරගන්නේ.
අද වෙද්දී දසුන් කියන්නේ දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.
මේ කතාව හැමෝම දකින්නේ වෙනම ආකාරයකට ඒ තමයි දරුවන් දෙදෙනෙකුගේ මවක් විවාහ කරගත්ත කියන වචනය ඔහුට අහන්න ලැබුනා. කෙසේ නමුත් අද වෙද්දී දසුන් කියන්නේ රටේම ආදරය දිනාගත් චරිතයක්. මොකද කලාවට උපරිම සේවයක් කරමින් තමයි වැඩකටයුතු සිදුකරන්නේ.
ඔහු තම ආදරණිය බිරිඳ හා දරුවන් දෙදෙනා සමග දැන් හොද පවුල් ජිවිතයක් ගත කරන බව තමයි අපිට දකින්න ලැබෙන්නේ.ඉතින් ඔහුගේ අලුත්ම තොරතුරු සහ මේ අමුතු ආදරේ ගැන ඔහු අපිට කිවුවේ මේ විදිහට. 2
මේ කාලයේ ඉතින් ගෙදරම අය එක්ක තමා කාලය ගතවෙන්නේ.භාර ගත්ත වැඩ ටික අතරමගදී නතර වුණා. ඊට පස්සේ පටන් ගන්න කියලා හිතන් හිටිය වැඩේ පටන් ගන්න බැරි වුණා.
කරපු සිනමා නිර්මාණ තුනක් එන්න තියෙනවා. ඒවත් කවදා දැකගන්න ලැබෙයිද දන්නේ නැහැ. ඒ නිසා බලාගෙන ඉන්නවා.මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ “සහෝ” අරුණ ජයවර්ධනගේ “මාරියා” සහ සුදේශ් වසන්ත පිරිස්ගේ “සීරුවෙන් ඉන්න” යන නිර්මාණ තමා එන්න තියෙන්නේ.පුංචි තිරයේ අපේ කට්ටිය කොරෝනා එක්ක පොසිටිව් වීමත් එක්ක රූ ගත කිරීම් අතරමග නතර වුණු නිර්මාණ දෙක තමා එන්න තියෙන්නේ.
ඒ ඉන්දික ධර්මතිලකගේ “යාදින්නි” සහ සුපුන් රත්නායකගේ අලුත් ටෙලි නිර්මාණයක්.
ලංකාවේ මේ වගේ පැන්ඩමික් එකක් ආවම මුලින්ම කෙළ වෙන්නේ ආටිස්ලට. එ නිසා දැන් මම තීරණය කරලා තියෙන්නේ විදෙස් ගත වෙන්න.මොකද දරු පවුලක් එක්ක ජීවත් වෙන්න ඕනේ. තනියම හිටිය නම් මොනවා හරි කරලා ජීවත් වෙන්න තිබ්බා. ඒත් ෆැමිලි එකක් නඩත්තු කරද්දී මම හම්බකරන්නේ නැතුව ගෙදර ඉන්න බෑනේ.
මටත් හිතෙනවානේ පෞද්ගලිකව මම මොකක් ද මේ කරන්නේ කියන එක. එහෙම නැතුව ගෙදර මට ප්රශ්න මුකුත් නැහැ. ඉතා හොඳින් අපි ජීවත් වෙනවා. ලංකාවෙන් යන්න මම කවදාවත් හිතපු නැති මනුස්සයෙක්. මගේ බිරිඳට ස්වීඩනයේ පදිංචිය තියෙන නිසා මට ඕනේ වෙලාවක ලංකාවෙන් යන්න පුළුවන්කම තිබ්බ කෙනෙක්.
මේ වෙද්දී අපිට ඉන්නවා ශයියා සහ ශයිලි කියලා ලස්සන කෙල්ලෝ දෙන්නෙක්. පවුල නිසා තමා මම යම් විදියකට හරි සංවර වෙලා ඉන්නේ. නැත්නම් විනාසකාරී.
තවමත් එහෙම තමයි නැතුවම නෙවෙයි. ඒ වුණාට පොඩ්ඩක් හරි වගකීමක් ගන්න පුළුවන් වුණා මගේ පවුල නිසා. විශේෂයෙන්ම මගේ බිරිඳ හංසිව මතක් කරන්න ඕනේ. ඉස්සර හිතුණා මම මගේ බිරිඳ එක්ක දිගටම ජීවත් වෙන්නේ නැති වෙයි කියලා. නමුත් කාලයත් එක්ක මට තේරුම් ගියා එයා තමා මට හම්බවුණු හොඳම කෙනා කියලා. මම දිගටම එයා එක්ක ඉන්නවා. මට වෙන කෙනෙක් ඕනේ නැහැ, කියන එක දැන් තීරණය කරලා ඉවරයි.කියලයි ඔහු අවසාන වශයෙන් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |