ටෙලි සිතුවම් වල නොමැකෙන ද‍ර්ශන හැඩ මවන දර්ශන්

Report

දර්ශන් තවරාජා උපත ලබන්නේ 1994 ජනවාරි 7 වන දිනයි. එනම් අද ඔහුගේ ජන්ම දිනයයි.

ඔහුට වැඩිමහල් සහෝදරියක් සිටී. ඔහුගේ මවගේ නම ෂන්මුගම් චිත්‍රකලා වේ .

ඔහු කොළඹ විවේකානන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. ඉන් පසුව පසුව ඔහු චිත්‍ර කලාව ප්‍රගුණ කිරීම සඳහා ඉන්දියාවේ කලා පාසලකට සම්බන්ධ විය. ඔහු කුඩා කාලයේ දී, ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉදිරියේ ඔහුගේ ඥාතීන්ගේ සහ පවුලේ මිතුරන්ගේ හැසිරීම් අනුකරණය කිරීමට පුරුදුව සිටි අයෙකි.

ආරම්භයේ සිටම ඔහුගේ පවුලෙන් ආශා කරන දේ දිගටම කරගෙන යාමට ඔහුට ලැබුණේ අසීමිත සහයෝගයකි. ඔහු මුදල් නැති කාලයේ පවා අවශ්‍ය ලස්සනට ඇද පැළද අපූරුවට ජීවත්වීමටයි.ඔහු දිනක් සදහන් කළේ ඔහුගේ ආච්චි සැමවිටම ඔහුගේ ආශාවන් ඉටු කිරීමට සහය වූ බවයි.

දර්ශන් රූපවාහිනී ඉදිරිපත් කරන්නෙකු ලෙස සේවය කරමින් සිටියදී දෙමළ විනෝදාස්වාදය ලබා දෙන නිවේදකයෙකු ලෙසින් තම කලා ජිවිතය ආරම්භ කර තිබේ.

අතර 2021 දී සිංහල රූපවාහිනී කර්මාන්තයට පිවිසියේය ඒ අනුව දර්ශන් හිතුවක්කාර සහ සිදු 2 - ශක්ති සිනාහල ටෙලි කතා මාලාවල රංගනයෙන් දායක වී තිබේ. තවද ඔහු රුද්‍රරක්ෂා සහ 7K දෙමළ ටෙලි කතා මාලාවල ද රංගනයෙන් දායක වී තිබේ.

ඒ අනුව අපූරු කඩවසම් රූපය , පෞර්ෂවත් රංගනය නිසාම බොහෝ ප්‍රේක්ෂක පිරිසක් දර්ශන් වටා ඒකරාශී විය. මේ දිනවල ප්‍රධාන නාලිකා වලින් ඔබට ඔහුගේ රංගනයන් දැක බලා ගන්න පුළුවන් .

බොහෝ තරුණ ආකර්ෂණයක් දිනාගත් කඩවසම් තාරුණ්‍ය ඔහුයි.

ඒ වගේම ඔහු දමිළ සම්භවයක් ඇති රංගන ශිල්පියෙක් නිසාවෙන් සිංහල වචන උච්චාරණය කරද්දී අපූර්වත්වයක් තියන වගයි ඔහුට ආදරය කරන ප්‍ර්‍රේක්ෂකයන් සදහන් කරන්නේ.

ඔහු අද 32 වෙනි තම උපන්දිනය සමරනු ලබයි..

ඉතිං ඔබට සුබ උපන්දිනයක් දර්ශන් ....    

''නිසි සම්මානය නොලැබුනේ නිසි ඇගයීම නොලැබුනේ නිසි වටිනාකම නොලැබුනේ පාසැල් ශිෂ්‍යාවට විතරක් නෙවෙයි '' ධනංජයගෙන් සම්මාන උළෙලවල් ගැන ආන්දොලනාත්මක කතාවක් එළියට

''නිසි සම්මානය නොලැබුනේ නිසි ඇගයීම නොලැබුනේ නිසි වටිනාකම නොලැබුනේ පාසැල් ශිෂ්‍යාවට විතරක් නෙවෙයි '' ධනංජයගෙන් සම්මාන උළෙලවල් ගැන ආන්දොලනාත්මක කතාවක් එළියට

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery