" නළුවෙක් එක්ක ජීවත් වීම ලේසි නෑ..ලොකු ඉවසීමක් තියෙන්න ඕනි..මම මුලින්ම චිත්‍රපටයක් බලලා මල් කළඹක් සමග පුංචි සටහනක් යැව්වා" කොලිවුඩයේ කැළඹූ ධනුශ්ගේ දික්කසාදය ගැන අයිශ්වර්යා කියන කතාව..(PHOTOS)

By Sewvandhi Jan 18, 2022 10:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ධනුෂ් කියන්නේ තමන්ගේ විශිෂ්ඨ රංගන හැකියාවෙන් ප්‍රේක්ෂකයින් සහ විචාරකයින් ආකර්ෂණය කර ගත් කොලිවුඩයේ ප්‍රමුඛ පෙළේ නළුවෙක්.

සුපිරි වීරයා කියන භූමිකාවේ නළුවෙකුගෙන් ප්‍රේක්ෂකාගාරය බලාපොරොත්තු වෙන පෙනුම ඔහුගෙන් දිස් නොවුණත් ධනුෂ් ඔහුගේ දක්ෂතාවය සහ පෞර්ෂත්වය පාවිවච්චි කරලා අන් කිසිම නළුවෙකුට ළඟා විය නොහැකි මට්ටමේ පැවැත්මක් කොලිවුඩ් සිනමාව තුළ ගොඩ නගාගත්තා.

2004 වසරේදී ධනුෂ් විවාහ වෙන්නේ "සුපිරි තරුව" රජිනිකාන්ත්ගේ දියණිය වන අයිශ්වර්යා සමඟ. ඊටපස්සේ ඔහු ඔහුගේ බිරිඳ සහ පුතුන් දෙදෙනා වන යාත්‍රා සහ ලිංග සමඟ චෙන්නායි හි පදිංචි වෙනවා.

"ධනුෂ් සහ මම එකතු වීම දෙවියන්ගේ කැමැත්තයි. එය සිදු වීමට නියමිතයි." අයිශ්වර්යා මුල් වරට 2013 දී සම්මුඛ සාකච්ඡාවකදී තම ආදර සම්බන්ධතාවය ගැන හෙළි කරන්නේ එහෙම.

මේ සියල්ල ආරම්භ වෙන්නේ ඓශ්වර්යා ඔහුගේ "කාදල් කොන්ඩෙන්" චිත්‍රපටය නැරඹීමට ඇල්බට් රඟහලට ගිය විට ධනුෂ් එහිදී මුණගැසුණු අවස්ථාවේදීයි.

"චිත්‍රපටිය බලලා මම එයාට මල් කළඹලක් යැව්වා පුංචි සටහනක් එක්ක. මං ඒ සටහනේ ලිව්වේ ඔයා හුඟක් දක්ෂයි කියලා. ඊටපස්සේ එයා මට ස්තුති කරන්න කතා කළා. එහෙම කතා කරලා මාස හයක් ඇතුළත අපි දෙන්නා කසාද බැන්දා. ඒක සිද්ධ වුණේ "කොලවෙරි" සිද්ධ වුණු විදියටමයි." ඇය කියන්නේ එහෙම.

"හැබැයි දෙන්නම පොඩි වැඩි නිසා ධනුෂ්ගෙ අම්මයි තාත්තයි ටිකක් පැකිලුණා. නමුත් ඔවුන් දැන් ඒ ගැන පසුතැවෙන්නේ නෑ. මගේ දෙමව්පියෝත් මම ඉක්මනින් තීරණ ගන්නවාට කැමැත්තක් දැක්වුවේ නෑ... ඔවුන් මට ඒ ගැන නැවත සිතා බලන ලෙස ඉල්ලුවා. නමුත් මම ඔහුව කෙසේ හෝ විවාහ කර ගැනීමට තීරණය කළා. මම ඔහුට හොඳ බිරිඳක් වුණු බව මම විශ්වාස කරනවා, මම ඒ ගැන අතිශයින් ආඩම්බර වෙනවා." ඇය තව දුරටත් ප්‍රකාශ කළා.

"අපේ සම්බන්ධතාවයේ හොඳම දෙය නම් අපි එකිනෙකාට ඕනෑ තරම් ඉඩ ලබා දීමයි. අපට එකට සිටීමට අවශ්‍ය නිසා අනෙක් පුද්ගලයා වෙනුවෙන් වෙනස් විය යුතුයි කියන සංකල්පය අප දෙදෙනාම විශ්වාස කරන්නේ නෑ.” අයිශ්වර්යා පැහැදිලි කළා. නළුවෙකු සමඟ සිටීම දුෂ්කර බව පිළිගත් ඇය තමන්ගේ මව හරහා එය හොඳින්ම අත්දැක තිබුණා.

නළුවෙකු සමඟ ජීවත් වීමට කොතරම් ඉවසිලිවන්ත විය යුතුද කියලා මට තේරෙනවා. ඔවුන් කාලය ගත කරන ආකාරය සාමාන්‍ය නැහැ, ඔවුන්ගේ මනෝභාවයන් විටෙක හරිම කම්මැලියි. කලාකරුවෙකු, ඔවුන් රඟපාන විට වෙනත් කෙනෙකුගේ චරිතයක් තුළයි ජීවත් වෙන්නේ. සමහරු එම චරිතය ආපසු ගෙදර අරගෙන යනවා, සමහරු එහෙම කරන්නේ නෑ. කොහොම නමුත් එසේ පෞරුෂය මාරු කිරීම අපහසු විය හැකි බව මට තේරෙනවා."

2020දි තමන්ගේ ආදර සම්බන්ධතාවය සහ විවාහය ගැන ඓශ්වර්යාගේ අදහස් දැක්වීම් එසේ වුණත් ඊට වසර දෙකකට පසු, මේ වෙනකොට ඔවුන් දික්කසාද වීමට තීරණය කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කර අවසන්.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery