“මම ටෙලිනාට්‍යය වලින් හරි ගුරුවරියක් වෙලා ඉන්නවා අම්මා දැක්කම එයාට පුදුම සතුටක් තියෙන්නේ ’’ (PHOTOS )

Sri Lanka
By Sithumi Aug 14, 2022 02:15 PM GMT
Sithumi

Sithumi

Report

ලාංකීය ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත් ටෙලි නිර්මාණයක් තමයි ‘ඉස්කෝලේ’ කියල කියන්නේ. ඉතින් මේ ටෙලි නිර්මාණයේ හිටපු කොයි කාගෙත් ආදරය දිනාගත් චරිතයක් තමයි විහාරා ටීචර් කියන්නේ. ඊට සිය රංගන දායකත්වය ලබාදෙන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය තමයි දමිත්‍රි සුබසිංහ. 

 කොහොම වෙතත් මේ ටෙලි නිර්මාණය ඔස්සේ ඇය ලබාගන්නා ජනප්‍රියත්වය කොයිතරම් ද කියල කියනවානම් ඇයට මෙරට බොහෝදෙනෙකු කතා කරන්නේ විහාරා ටීචර් කියලයි. 2019 දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබමින් කලාවට පිවිසෙන ඇය මේවෙනකොට රටම දන්න හදුනන චරිතයක් බවට පත්ව තිබෙනවා. 

එලෙස කලාවට පිවිසෙන ඇයට නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර හිමි වන්නේ සුවිශේෂී තැනක්. කොහොම වෙතත් දිලුක ගුණතිලක අධ්‍යක්ෂණය කල ‘නොනිමි’ චිත්‍රපටයට පළමුවෙන්ම සිය රංගන දායකත්වය ලබාදෙන ඇය ඉන් අනතුරුව‘ පාවෙලා වලාකුලේ ඒවිද අම්මා’ ටෙලි නිර්මාණයට සිය රංගන දායකත්වය ලබාදෙනවා. 

කෙසේවෙතත් පුංචි තිරයේ ටෙලි නිර්මාණ රැසක් ඔස්සේ දැකගන්නට ලැබෙන මේ ජනප්‍රිය රංගන ශිල්පිනියට ඉස්කෝලේ ටෙලි නිර්මාණයට සම්බන්ධවීමට අවස්ථාව හිමිවෙන්නේ ඇගේ නර්තන හැකියාව නිසාවෙන්ම යි. ඇත්තෙන්ම දමිත්‍රී කියල කියන්නේ රංගනයට වගේම නර්තනයටත් උපන් හපන්කම් දක්වන දක්ෂ කලාකාරිනියක්. 

ඉතින් දමිත්‍රි කියන හැටියට ඇගේ මවට ඕන වෙලා තියෙන්නේ ඇයව ගුරුවරියක් කරන්න. නමුත් ඇය මේවෙනකොට බැංකු ක්ශේෂ්ත්‍රයේ තමයි රැකියාව කරන්නේ. ඒ කොහොම වෙතත් මේවෙද්දී ජනප්‍රිය රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරන ඇය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා ඇගේ අලුත්ම තොරතුරු ගැන කතාබහ කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. ” 

පුංචි කාලේ ඉදලා මම නර්තනයට ආසයි. නර්තනය මට පෙර පිනකම් ලැබුණු කලාවක්. මම තමයි පවුලේ එකම දරුවා. ඉතින් මට අම්මගෙනුයි තාත්තගෙනුයි ලොකු සහයෝගයක් ලැබෙනවා. අපේ අම්මගේ හීනේ වෙලා තිබුණේ මාව ගුරුවරියක් කරන්න. ඉතින් මම ටෙලිනාට්‍යය වලින් හරි ගුරුවරියක් වෙලා ඉන්නවා අම්මා දැක්කම එයාට පුදුම සතුටක් තියෙන්නේ.’’ 

ඒ විදිහට තමයි ඇය මේ ජනප්‍රිය ශිල්පිනිය අදහස් දක්වලා තිබුණේ. කොහොම වෙතත් මේ වෙද්දි රටම දන්න හදුනන චරිතයක් වන ඇයට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක කර ගන්නට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.