රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගැන අද දුන් තීන්දුව මෙන්න..

Sri Lanka Police Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Aruna Apr 17, 2024 07:13 AM GMT
Aruna

Aruna

Report

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අප්‍රේල් 24 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව වාර්තා වනවා.

ඉකුත් 05 වැනි දා රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අධිකරණය විසින් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කෙරිණි.

ඔවුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පුද්ගලයෙකු විදේශගත කරන බව පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාළවටයි.