“මල්ලි මම ඔයා දිහා බලාගෙන ඉන්නවා මට ඔයා ගැන ආඩම්බරයි” ශිහාන් මිහිරංග ගැන දමිතා තැබූ සටහන
දමිතා අබේරත්න කියන්නේ අපේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ඉතාමත්ම දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්.ඇය රංගනයෙන් දායක වන බොහෝ නිර්මාණ ප්‍රේක්ෂකයා ඉතාමත්ම ඕනෑකමකින් සහ ආසාවකින් නරඹන්නෙ ද ඒ නිසාමයි.ඇයව බොහෝ දෙනා අදටත් හඳුන්වන්නේ බට්ටි කියන නමින්.
ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වු බට්ටි ටෙලිනාට්‍ය සුවහසක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ඉතාමත්ම ජනප්‍රිය අයුරින් විකාශනය වුවා. ඇයගේ රඟපෑම කිසිවකුටත් සමකළ නොහැකි අතරම ඕනෑම චරිතයක් කිසිදු අභියෝගයකින් තොරව රඟදැක්වීමට ඇයට ඇත්තේ පුදුමාකාර දක්ෂකමක්.
විටෙක සැර පරුෂ චරිත ද විටෙක ගැමි චරිත ද විටෙක පොහොසත් සහ දුප්පත් චරිත ද රඟ දක්වන ඇය ඒ සියල්ල ඉතාමත්ම තාත්විකව සිදු කරනවා.
ඉතින් පසුගිය දිනකදී දමිතා අබේරත්න අපේ සංගීත ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ ගායන ශිල්පියකු වන ශිහාන් මිහිරංග පිළිබඳව අපූරු සටහනක් සිය ෆේස්බුක් මාධ්‍ය ජාලා ගිණුම ඔස්සේ සනිටුහන් කරලා තිබුනා.
ඇය මෙම ප්‍රකාශය සඳහන් කිරීමට මූලික වශයෙන් හේතු වූයේ හිරු ස්ටාර් වේදිකාව තුළ ගී ගැයීමට පැමිණි පුංචි දියණියකට ශිහාන් මිහිරංග දුන් උපදෙස හේතුවෙනි.එහිදී ශිහාන් මිහිරංග ලාංකීය දේශපාලඥයන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව ඉතාමත්ම තදින් කතා කළා.ඉතින් එය නැරඹූ දමිතා සිය මුහුණු පොතේ සනිටුහන් කරලා තිබුණේ මෙවන් දෙයක්.