මේ සමාගම්වලින් සුපර් ඩීසල්, 95 පෙට්‍රල් ගැහුවද ගැහුවද? එහෙනම් මේ ගැන අවදානෙන් - විශාල චෝදනාවක්

Report

ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන සිනොපෙක්, ආර්.එම්. පාක් සහ ලංකා IOC යන සමාගම් මඟින් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත් කරමින් සිය ලාභාංශ ඉහළ නංවා ගැනීමට උත්සාහ කරන බවට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය චෝදනා කරන බව වාර්තා වේ.

ඒ අනුව එම සංගමයේ සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ සාමාන්‍ය මිලට වඩා වැඩි ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් පමණක් වැඩි වශයෙන් අලෙවි කරන ලෙසට මෙම සමාගම් මඟින් සිය අලෙවි නියෝජිතයන්ට දැඩි ලෙස බලපෑම් කරමින් සිටින බව‍යි.

එමෙන්ම පාරිභෝගිකයන් බහුලව භාවිත කරන ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් නිකුත් කිරීම ඇතැම් බෙදුම්කරුවන් වෙත සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ද මෙම සමාගම් කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

වාහන වර්ගය අනුව සතියකට වැය කළ යුතු ඉන්ධන කෝටාවේ මිල මෙන්න

වාහන වර්ගය අනුව සතියකට වැය කළ යුතු ඉන්ධන කෝටාවේ මිල මෙන්න

ඒ අනුව ඔහු අවධාරණය කරන්නේ ඉහළ මිලැති ඉන්ධන වර්ග පමණක් මිලදී ගැනීමට ජනතාව පොළඹවන මෙම උපක්‍රමය මඟින් සිදුවන්නේ පාරිභෝගිකයා සූරාකෑමක් බවයි.

එසේම සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ විදේශීය සමාගම් දේශීය වෙළෙඳපොළට සම්බන්ධ කරගැනීමේදී සකස් කළ කැබිනට් පත්‍රිකා මඟින් මෙම ක්‍රියාවලිය අධීක්ෂණයට නිසි බලධාරියකු පත් කිරීමට තීරණය කර තිබුණත් ඉකුත් හෝ වත්මන් රජය ඒ වෙනුවෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

කෙසේ වෙතත් මෙම පාලනයකින් තොර තත්ත්වය නිසා සමාගම්වලට හිතුමතේ කටයුතු කිරීමට ඉඩ ලැබී තිබෙන බව සඳහන්.

ඒ අනුව මෙම අසාධාරණ තත්ත්වයට එරෙහිව වහා මැදිහත් වී පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කරන ලෙසත්, මහජන උපයෝගීතා කොමිසම වැනි ආයතන මේ පිළිබඳව වගකීමෙන් යුතුව සොයා බැලිය යුතු බවත් ශෙල්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින බව සඳහන්.

ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ අර්බුදයක - සිමෙන්ති කොට්ටයක මිලත් අහස උසට යයි

ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ අර්බුදයක - සිමෙන්ති කොට්ටයක මිලත් අහස උසට යයි

මේ නිලධාරින්ගේ විශේෂ ස්ථාන මාරු සහනය සංශෝධනය වේ - සේවා ස්ථාන ලැයිස්තුවෙත් වෙනසක්?

මේ නිලධාරින්ගේ විශේෂ ස්ථාන මාරු සහනය සංශෝධනය වේ - සේවා ස්ථාන ලැයිස්තුවෙත් වෙනසක්?

[