මුළු දිවයිනටම විශේෂ නිවේදනයක් - රාත්‍රී 11 තෙක් වලංගුයි
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ රතු නිවේදනයක් දකුණු පළාත, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (24) පස්වරු 2.00 න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (24) රාත්‍රී 11.00 දක්වා වලංගු වන අතර, එළිමහනේ රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබේ.