ගුරුවරුන්ට ගුරුදීමනා හා නිල ඇදුමක්

Report

දහම් පාසල් ගුරු භවතුන්ට ගුරු දීමනාවක් සහ නිල ඇඳුම් දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. වසරක් අඛණ්ඩව සේවය කළ දහම් ගුරු භවතුන්ට වාර්ෂිකව එක් වරක් ගෙවිය හැකි මුදල් දීමනාවක් ලෙස රුපියල් 7,500ක් ගෙවීම සඳහා මෙම අනුමැතිය හිමිවී ඇත.

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට

මෙය ගුරු දීමනාව සහ නිල ඇඳුම් දීමනාව යන දෙකම එක් කළ එකමුතු දීමනාවක් ලෙස සැලකේ.

මෙම ක්‍රමය 2026 වසරේ සිට ක්‍රියාත්මක වන අතර, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සහ කතෝලික ආගම්වල ලියාපදිංචි දහම් පාසල්වල සේවය කරන ගුරු භවතුන් සඳහා එය වලංගු වේ.

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

මෙම තීරණය ගත් වන්නේ, දහම් ගුරුවරුන්ගේ අඛණ්ඩ සේවය උත්තේජනය කිරීම, ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සහ සමාජයේ යහපත් භාවය සඳහා විශේෂ වැදගත් වන දහම් අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම උදෙසාය.