මුළු දිවයිනටම පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ.. අද සවස වෙන දේ මෙන්න.. (PHOTO)
By krishani
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද(14) පෙරවරු 6ට ඉවත් කෙරෙනවා.
එය පස්වරු 6ට යළි පැනවෙන අතර පසුදින (2022-05-15) පෙරවරු 5 දක්වා බල පැවැත්වෙනවා.
ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර හිමිවන්නේ නැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
