ඇදිරි නීති සමයේ සිදු වන දේ හදිසියේම සංශෝධනය වෙයි. නිවේදනය මෙන්න

Curfew Covid 19 shavendra silva Sri lanka sri lanka curfew
By Sithumi Aug 21, 2021 09:46 AM GMT
Sithumi

Sithumi

Report

නිරෝධායන ඇඳිරි නීති සමයේ රාජකාරි පවත්වාගෙන යාමට අවසර හිමිවන තවත් සේවා කිහිපයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරුණු පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව පහත සේවා සඳහා ද නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවනු ඇති. අධිකරණ සේවා කොමිසම විසින් අනුමැතිය දෙන ලද අධිකරණ කටයුතු මෙන්ම පළාත් සභා – දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ දිසාපති කාර්යාල – ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවත්වාගෙන යා හැකියි. ආනයන – අපනයන සහ දේශීය නිෂ්පාදන කටයුතු මෙන්ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන කටයුතු ද අවම කාර්ය මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යා යුතු වනවා.

කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ ක්ෂේත්‍රවල නිරත පුද්ගලයන්ට පළාත් සීමා හරහා ගමන් කිරීමට අවසර හිමිවනු ඇති. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි වෙළඳසැල් විවෘතව පවතින දින හා වේලාවන් දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු විසින් තීරණය කල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

ගුවන් තොටුපළ හා වරායන් / ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය ද අවම සේවක සංඛ්‍යාවක සහභාගීත්වයෙන් සිය කටයුතු පවත්වාගෙන යා යුතුයි. රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයතනවල වැටුප් සකස් කිරීම සඳහා පමණක් ගිණුම් අංශවල සේවක සේවිකාවන් කැඳවීමද අවසර ලබාදී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery