දිවයින පුරා ඇදිරි නීතිය තවත් දින 10කින් දීර්ඝ කළ යුතුය බවට ප්‍රකාශයක්.

Curfew Sri Lanka Lock down Nihal abesinghe
By Aruna Aug 23, 2021 09:34 AM GMT
Aruna

Aruna

Report

රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය තවත් දින 10කින් දීර්ඝ කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා.

පවතින මෙම ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ඇති එකම විසදුම එන්නත්කරණය පමණක් නොවන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ.

වැඩි ප්‍රතිශතයකට එන්නත් ලබාදීමට වඩා අවුරුදු 60ට වැඩි කණ්ඩාමට එන්නත් ලබාදීම වැදගත් බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

එන්නත්කරණ මේ ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ඇති එකම විසදුම නොවන බවත් ඉක්මනින් වැඩි ප්‍රතිශතයකට එන්නත්කරණය සිදු කිරීමට යාමෙන් අත්‍යාවශ්‍යම අය අවුරුදු 60ට වඩා වැඩි කණ්ඩායම මගහැරුණ බව සඳහන් කළා.

එන්නත් ක්‍රියාවලියෙන් පමණක් ‌මේ රෝගීන් වැඩිවීම නැවැත්වීම කළ නොහැකි බවත් මෙම තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා අවශ්‍ය වන බවද වෛද්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම මේ ර‌ටේ වසංගත රෝග විද්‍යා අංශයේ අවුරුදු 21ක් සේවය කළ රාජ්‍ය සේවකයෙක් හැටියට මේ සංචරණ සීමා කාලය අඩුම තරමින් තව දින 10ක් දීර්ඝ කිරීමට ඉල්ලා සිටින බවයි මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha