දිවයින පුරා ඇඳිරි නීතිය තවත් දීර්ඝ කරයි..නවතම නිවේදනය මෙන්න.
Curfew
Sri Lanka
By Aruna
පවතින නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 දා පෙ.ව. 04:00 දක්වා දීර්ඝ කෙරේ.
ඒ අනුව නිරෝධායන ඇඳිරි නිතිය සැප්තැම්බර් මස 21 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ.
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා අගෝස්තු මස 20 වෙනිදා සිට නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට රජය තීරණය කරනු ලැබුවා.
ඇදිරි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩ පහතින් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


