ඇඳිරි නීතිය දැඩිවෙයි..කඩන අයට වෙන දේ..තවත් සති 02ක් රට වහයි???..
පවතින නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 වෙනි අඟහරුවාදා දින පෙ.ව. 04:00 දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව නිරෝධායන ඇඳිරි නිතිය සැප්තැම්බර් මස 21 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ.
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා අගෝස්තු මස 20 වෙනිදා සිට නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට රජය තීරණය කරනු ලැබුවා.
කෙසේවෙතත් රට විවෘත කළ ද ඉන් පසු ක්‍රියාත්මක කළ යුතු දැඩි සෞඛ්‍යය මාර්ගෝපදේශ සකස් කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර සඳහන් කළා.
මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍ය සංගම් කිහිපයක් ම ඉල්ලා සිටින්නේ තවත් සතියක් හෝ දෙකක් සංචාරණ සීමා ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි.
මේ අතර කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති නිරෝධායන ඇදිරිනීතිය නොතකා නාවලපිටිය නගරයට පැමිණි පිරිසක් සහ නාවලපිටිය නගරයේ විවෘත කර ඇති අත්‍යාවශ්‍ය සේවා වෙලදසැල්වල හිමිකරුවන් සහ සේවකයින් 150 දෙනෙකු අහඹු ලෙස (09) දින පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කරනු ලැබුහ.
නාවලපිටිය පස්බාගේ කෝරලයේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ,නාවලපිටිය පොලිසියේ නිලධාරින්ගේ සහයෝගය මත නාවලපිටිය නගර මධ්‍යයයේදි මෙසේ අහඹු ලෙස පි.සි.ආර් පරික්ෂණය සිදු කරනු ලැබුහ.
අහඹු ලෙස පි.සි.ආර් පරික්ෂණ භාජනය කරනු ලැබු පුද්ගලයින්ගේ දත්ථ වාර්ථාවක් මහජන සෞඛ්‍යය පරික්ෂක වරුන් විසින් ලබා ගත් අතර එම පරික්ෂණයේදි අසාදිතයන් හමුවුවහොත් එම අසාධිතයන් නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කරණ බවද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
