ලබන 9 සහ 10 දිවයින පුරා විවෘත වන සියලු ස්ථාන මෙන්න...ඇඳරි නීතිය 18ට කල්යයි??..

Curfew Sri Lanka Lock down Shasendta Rajapakshe Economics center
By Aruna Sep 06, 2021 09:49 AM GMT
Aruna

Aruna

Report

ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධයෙන් රජය ගත් තීරණය දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන හා පෑලියගොඩ මැනිංන් වෙළෙදපොළ ලබන 9 වැනිදා සහ 10 වැනිදා විවෘත කිරීමට තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ තොග වෙළදාම සදහා එම වෙළෙදපොළ විවෘත කරන බවයි.

පාරි‌භෝගික අවශ්‍යතා ඉටු කිරීම සදහා මෙම පියවර ගන්නා බව හෙතෙම පැවසීය.

මේ අතර දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් 18 වන දින දක්වා පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ දැනට පවතින තත්ත්වය අනුව ආසාදිතයන් තවදුරටත් වාර්තා වීම අඩු මට්ටමට ඉඩ ඇති බවයි.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමකට පැමිණ ඇති බව වෛද්‍යවරිය පෙන්වා දෙයි.

සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක නොවුනද පවතින ආකාරයේ ලබන 18 වැනිදා දක්වා එය පවත්වාගෙන යාමට හැකිනම් වඩා සුදුසු බව වෛද්‍යවරිය පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha