වහාම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න..දින 05ක් තුළ මරණ 700 ඉක්මවිය හැකියි...

Covid Curfew Sri Lanka
By Aruna Aug 11, 2021 02:44 AM GMT
Aruna

Aruna

Report

"කැමැත්තෙන් තොර මනුෂ්‍ය ඝාතනයකට ලක් කිරීමක්" වහා රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි දින 20 තුළ අමතර මරණ 1,200 ක් වත් වලකා ගත හැකි බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පුරෝකථනය කළ හැකි දත්ත ඒ බව පෙන්නුම් කරන බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.

මිනිස් ජීවිත බේරා ගැනීමේදී කඩිනම් තීන්දු තීරණ ගැනීම අතිශය තීරණාත්මක බව ඔහු පෙන්වා දෙයි.

"තීරණ ගැනීමේදී දින 5 ක ප්‍රමාදයක්, අවම වශයෙන් 700 දෙනෙකුවත් නොසිතා ඝාතනයට ලක් කිරීමක් වනු ඇති," බව ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන් ද කටයුතු කරන මහාචාර්ය අගම්පොඩි නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

වෙළෙඳ දැන්වීමක් සති දෙකක් තුළ ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යා හැකි බවට මහාචාර්යවරයා සෙනසුරාදා (අගෝස්තු 07) අනතුරු ඇඟවීය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ගැන පුරෝකථනයක් එවැනි තත්ත්වයක් ඇතිවීමට 90% ක පමණ ඉඩක් ඇතැයි දත්ත මගින් පෙන්නුම් කරන බව ද මහාචාර්ය අගම්පොඩි BBC සිංහල සේවය වෙත පැවසීය.

අඟහරුවාදා (අගෝස්තු 10) තවත් කොවිඩ් මරණ 118 ක් වාර්තා වූ අතර ඇඳිරි නීතිය දැමීම අවසාන විකල්පය බව රජයේ ස්ථාවරය වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha