අද රාත්‍රී සිට ඇඳිරි නීතිය...සුරාසැල්,පොදු ප්‍රවාහන සේවා ගැන යළිත් තීරණයක් ගනී.(විදෙස්)
India
Corona
Curfew
Bar
Cinema
By Aruna
ඉන්දියාවේ දිල්ලි නගරයේ රාත්‍රී ඇඳිරි නීතිය අද රාත්‍රී (27) සිට යළිත් බලාත්මක කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව දිනපතා රාත්‍රී 11:00 සිට පසුදින අලුයම 05:00 දක්වා මෙලෙස ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි.
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම සැළකිල්ලට ගෙන ඉන්දීය බළධාරීන් විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.
මීට අමතරව සමාජීය කටයුතු පවත්වාගෙන යාමේදී තවත් සීමා කිහිපයක් ද පණවනු ලැබ තිබෙනවා.
ඒ අනුව සුරාසැල් විවෘතව තැබිය හැකි වනුයේ දිනපතා දහවල් 12:00 සිට රාත්‍රී 10:00 දක්වා පමණයි.
සිනමා ශාලා වසා දැමිය යුතු බවටද ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත බළධාරීන් දැනුම් දී තිබෙනවා.
එමෙන්ම පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 50 ක උපරිමයකින් පවත්වාගෙන යා යුතු බවට දැනුම් දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |