බොරතෙල් මිල යලි ඉහළට.
Crude Oil Prices Today
World
By Hashini
මැද පෙරදිග මේ වන විට උණුසුම්ව පවතිනවා.
ඒ ඊශ්‍රායලයට පලස්තීන හමාස් සංවිධානය එල්ල කළ දරුණු ප්‍රහාර හේතුවෙන්.
ජාත්‍යන්තර විචාරකයෝ පවසන්නේ විශේෂයෙන්ම මෙම තත්ත්වය හමුවේ ලෝක තෙල් මිල වැඩිවීමට බලපෑ හැකි බවයි.
ඉරානය විසින් හමාස් සංවිධානයට තම සහයෝගය දක්වනු ලබයි.
වෙළෙඳ බාධක පනවා තිබුණද ආසියානු වෙළෙඳපොළට ඉරාන බොර තෙල් සැපයුම නොකඩවා සිදුවෙනවා.
ඊශ්‍රායලය - පලස්තීන ගැටුම් තවත් උත්සන්න වුවහොත් ඉරාන බොර තෙල් සැපයුමට ද බාධා එල්ලවීම නොවැලක්විය හැකි කරුණකි.
අද (09) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 4කින් පමණ ඉහළ ගොස් තිබුණා.
ඩොලර් 86ක් ලෙසයි එහි මිල දැක්වුණේ.
