ප්‍රවේසම්වන්න -  මෙරටට දැඩි අනතුරුදායක නිවේදනයක්

Srilanka Covid 19
By Sithumi Sep 26, 2021 10:57 AM GMT
Sithumi

Sithumi

Report

ඉදිරි පැය 24 තුළ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය සහ දිවයින හරහා විටින්විට හමන තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

ඒ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මේ අතර උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින 'ගුලාබ්' සුළි කුණාටුව මේ වනවිට උතුරු අක්ෂාංශ 18.3 සහ නැගෙනහිර දේශාංශ 87.7 ආසන්නයේ ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. 

 එය අද හවස් කාලයේ ආසන්න වශයෙන් බස්නාහිර දිශාවට ගමන් කර ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩිස්සා අතර වෙරළ තිරයෙන් ගොඩබිම තුළට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ දැක්වෙයි. 

එම නිසා උතුරු අක්ෂාංශ 15.0 සහ 20.0, නැගෙනහිර දේශාංශ 80.0 සහ 90.0 මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසද ඉල්ලා සිටී. දැනට මෙම ප්‍රදේශයේ ස්ථානගතව සිටින අය වෙතොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත ගමන් කරන ලෙසට සඳහන් කරයි. 

මේ අතර, මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින්විට රළු හෝ ඉතා රළු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එමෙන්ම සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0 - 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ද පවතින බව දැනුම්දෙයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now


Gallery