මෙරට කොවිඩ් තත්ත්වය ඉතාම භයානකයි..!ආසාදිතයින් 450'000 ඉක්මවයි..

COVID19 INFECTION NEELIKA MALAVIGE
By Sewvandhi Sep 04, 2021 04:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 450,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව ද දස දහසේ සීමාවට ආසන්න වී තිබෙනවා. එමෙන්ම, ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටි විසි දෙක ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කරන ලද මරණ 202ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 9806ක් ලෙසයි. මිය ගිය 202ගෙන් 155 දෙනෙකු ම වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින් වෙනවා. මීට අමතර ව වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් 42ක් ද කොරෝනා ආසාදිත ව ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ මෙරටින් නව ආසාදිතයින් 3644 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 451,401ක් ලෙස යි. නව ආසාදිතයින් සියලු දෙනා අලුත් අවුරුදු කොවිඩි පොකුරේ ආසාදිතයින් වෙනවා. ඒ අනුව සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 61,429ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 380,166ක්.

දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක සඳහන් කළේ නව ප්‍රභේද වාර්තා වීමත් සමඟ, ජනතාව ඒ පිළිබඳ ව අවධානය යොමු කොට හැකිතාක් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමට පියවර ගත යුතු බව යි.

පවතින තත්ත්වයත් සමඟ කිසියම් අයෙකු පීඩනයකින් සිටින්නේ නම් ඒ සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විද්‍යායතනය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා උපදෙස් ලබාගැනීමට විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වා දී ඇති බව යි ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විද්‍යායතනයේ ලේකම්, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය, මනෝ වෛද්‍ය විශේෂඥ චාමර විජේසිංහ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ. 

එමෙන්ම,ජනගහනයට සාපේක්ෂ ව ලොව වැඩි ම එන්නත් සිදු කළ රට බවට ශ්‍රී ලංකාව පත් ව තිබෙනවා. අවර් වර්ල්ඩ් ආයතනය විසින් අදාළ දත්ත, වාර්තා කර ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය දැක්වෙන්නේ සියයට 13ක් ලෙසට යි.

එහි දෙවන ස්ථානය ඉක්වදෝරයට හිමි ව ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය සියයට 12.5ක්. පිළිවෙළින් 3, 4, 5 යන ස්ථානවල පසුවන්නේ බෲනායි, නවසීලන්තය සහ කියුබාව යි.

අවර් වර්ල්ඩ් ආයතනයේ ප්‍රධානියා මේ පිළිබද ව දීර්ඝ සටහනක් තබමින් දක්වා ඇති අතර කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ද එය උපුටා දක්වමින් ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කරන බව දක්වා තිබුණා. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery