"සොයාගන්න ප්‍රමාණයට වඩා පස් ගුණයක් රට පුරාම ඉන්නවා." රට වැහුවත් රට තුළ තියෙන ඇත්ත තත්ත්වය

lock down vaccination ovid19 Ravi Kumudhesh delta ariety
By Sewvandhi Aug 28, 2021 06:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සොයා ගනු ලබන ආසාදිතයන්ට වඩා පස් ගුණයක කොරෝනා ආසාදිතයන් රට තුළ සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි. ඔහු චෝදනා කරනුයේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ වැරදි මතවාදය හේතුවෙන් රට වැසීමෙන් ලැබිය හැකි ප්‍රතිඵලවලින් 80%කට හානි වී ඇති බවයි.

රෝගීන් සොයා නොගෙන සිටීමේ ප්‍රතිපත්තිය මගින්, ප්‍රතිකාර අත්‍යවශ්‍ය 5%කටත් වඩා අඩු මහජනතාව රෝහලක් සොයාගන්නාවිට ජීවිතක්ෂයට පත්වී තිබීමට බොහෝ ඉඩකඩ පවතින නිසා මෘතදේහවලට පරීක්ෂණ කර කොවිඩ් සොයාගන්නා ප්‍රතිපත්තිය අප වහා වෙනස් කළ යුතුව ඇතැයි ද ඔහු අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාව පරීක්ෂණ මගින් සොයාගන්නේ අසාදිතයන්ගෙන් 15.8%ක් පමණක් නිසා සොයා ගනු ලබන රෝගීන් මෙන් පස් ගුණයකටත් වඩා ආසාදිතයන් ප්‍රමාණයක් රට තුළ සිටින බව හෙතෙම පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ වැරදි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් හා පරීක්‍ෂණ ප්‍රමාණය වැඩි කිරීම මගින් හමුවන රෝගීන් ප්‍රමාණය වැඩි වුවහොත් එය රජයට දැරිය නොහැකි බරක් විය හැකි නිසා, එසේ නොකර සිටීමට හේතුව බව පවසමින් ඇතැම් වසංගත රෝග ප්‍රධානීන් හා දේශපාලකයන් ජනාධිපතිවරයාව නොමග යවමින් සිටින බව පෙනෙන්නට ඇතැයි ද ඔහු පවසයි.

රවී කුමුදේශ් පෙන්වා දෙනුයේ, ඉන් සිදුවන්නේ රෝගීන් රෝගයක් පවතින බව පවා නොදැන මිය යන්නට සැලස්වීමක් නිසා එය අතිශය සාපරාධී තීරණයක් බවය. අවම වශයෙන් තමන් ආසාදිතයෙකු ද නැත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා පහසුකම් සැලසීම රජයක වගකීම වන අතර, එම වගකීම පවා පැහැර හරින සෞඛ්‍ය අමාත්‍යංශයක් කුමක් සඳහා ද යන්න පවා ගැටලුවක් බව හෙතෙම අවධාරණය කරයි.

ආසාදිතයන්ගෙන් 80%ක් පමණ රජයට කිසිදු බරක් නොවන සේ කළමනාකරණය කරගත හැකිව තිබියදී, රෝගීන් නිවැරදිව හඳුනා ගැනීම කිසිසේත් ම අමතර බරක් වන්නේ නැතැයි ද රවී කුමුදේශ් පෙන්වා දෙයි. "ලොක්ඩවුන් කාලය නිවැරදි විද්‍යාත්මක පදනමකින් කළමනාකරණය කර නොගැනීම හේතුවෙන්, එක් ලොක්ඩවුන් කිරීමකින් ලැබිය හැකි ප්‍රතිඵල සඳහා ලොක්ඩවුන් පහක් පමණ කිරීමට සිදු වී ඇති බව තහවුරුවේ.

දැනට පවතින ලොක්ඩවුන් කාලය ද එලෙස 80%ක් පමණ අප නාස්තිකොට ඇති බැවින්, තවදුරටත් දැඩි සංචරණ සීමාවන් අනුගමනය කිරීමේ අවශ්‍යතාව පහව ගොස් නැත.

නමුත්, පරීක්ෂණ ධාරිතාව සීමා කරමින්, විද්‍යාත්මක භාවිතාවක් නොමැතිව නැවත නැවත ලොක්ඩවුන් කිරීම වෙනුවට, ලොක්ඩවුන් කිරීමට පෙර අවශ්‍යතාවන් සඳහා හොඳ සූදානමක් සහිතව සංචරණ සීමාවන් පැනවීමක් සැලසුම් කිරීම වයිරසයේ ශීඝ්‍ර පැතිරීම පාලනය කිරීමට තවදුරටත් අත්‍යවශ්‍යයි," යන්න ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now