දෛනික මරණ 200 හා දෛනික ආසාදිතයන් 5000 පැනීම ආසන්නයේ..
ඉදිරි දින කිහිපය තුළ මෙරට දෛනික ආසාදිත ප්‍රමාණය 5000 ඉක්මවා ගොස් දෛනික මරණ ප්‍රමාණය 200 ඉක්මවනු ඇතැයි වෛද්‍ය විශේෂඥයන් උපුටමින් පුවත්පතක් වාර්තා කරයි. දැනට පවතින ව්‍යාප්ති තත්ත්වය ඉදිරි සති කිහිපයේදී තවත් දරුණු තත්වයට වැටෙනු ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.
රෝහල් ගත වන ආසාදිතයන්ගේ තදබදය හේතුවෙන් අනිත් රෝගීන්ද රෝහල්ගත වීමට බිය වීමද මීට හේතු වන බවත් ඔවුන් පෙන්වා දී ඇත. දැනට රෝහල්වල ඔක්සිජින් ප්‍රමාණවත් ලෙස තිබුණද සතියකින් පමණ ඔක්සිජන් හිඟතාවයක් හේතුවෙන් ආසාදිතයන් බලාසිටියදීම මිය යනු ඇතැයි ද ඔවුන් අනතුරු අඟවා තිබේ.
රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පුවත්පත වෙත සඳහන් කර ඇත්තේ වහාම ජනතාවගේ සංචාරණ සීමා නො කළහොත් තත්ත්වය තවත් බරපතළ විය හැකි බවයි.රෝහල් කාර්ය මණ්ඩලය වසංගතයට ගොදුරු වෙමින් පැවතීම තත්ත්වය තවත් බරපතළ තැනකට ඇද දමා ඇතැයි ද ඔහු පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගැන බැලීමේදී එම ප්‍රමාණය ඉන්දියාවේ මරණ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි යැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය සුනෙත් අංගම්පොඩි මහතා සඳහන් කරයි.
ලෝකයේ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ මෙරට දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව සලකා බැලීමේදී ද ඉන්දියාව වඩා තුන් ගුණයකින් ඉහළ බවයි.
දැනට ශ්‍රී ලංකාවේ සිදුවන කොරෝනා මරණ ප්‍රමාණය ඉන්දියාවේ උච්චතම අවස්ථාවේ වාර්තා වූ මරණ වලට වඩා වැඩි බව ද ඔහු කියා සිටී. තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සදහන් කරයි.
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |