අසිරිමත් වූ නත්තලේ ආරභය.. ලොව පුරා බැතිමතුන් සුදානමින් (VIDEO)

sri lanka Cristmas
By Sithumi Dec 24, 2021 06:21 PM GMT
Sithumi

Sithumi

Report

ජේසු සමිදුන්ගේ උපත සිදු වූ අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියේ උදාවනවා.


සාමයේ පණිවුඩය රැගෙන පැමිණි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල අද (24) මධ්‍යම රාත්‍රියේ උදාවනවා. ලෝකවාසී ජනතාව මෙන්ම ශ්‍රී ලාංකික කිතුණු ප්‍රජාවද මෙවර නත්තල පිළිගන්නට සූදානම් වන්නේ මහත් අභියෝගාත්මක කාල වකවානුවකයි.

කෙසේ වෙතත් නත්තල හරසරින් පිළිගන්නට මෙරට ජනතාව සැදී පැහැදී සිටිනවා. නත්තල් ගස් සහ සැරසිලි අලෙවිකරන වෙළෙන්ඳන් රැසක් වෙනත් වසරවල මෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දැකගත හැකි වුණා. මේ අතර, කොළඹ සහ ගල්කිස්ස කාල්ටන් පෙර පාසල් දූ දරුවන් වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය පසුගියදා පැවැත්වුණා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. දරු දැරියන්ගේ කැරොල් ගී ගායනා සහ විචිත්‍රාංගවලින් මෙම ප්‍රසංගය වර්ණවත් වූ අතර, කාල්ටන් පෙර පාසල් සමූහයේ අධ්‍යක‍ෂිකා සහ විදුහල්පතිනි අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක‍ෂ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියා. විපක‍ෂ නායක කාර්යාලයේ නත්තල් උත්සවය ද ඊයේ විපක‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now