මාලිමාවේ ලොක්කෙක්ට තවත් පැමිණිල්ලක් - කියපු පච හිටපු කථානායකවරයෙක් සහ පොහොට්ටුවේ ප්‍රබලයෙක් දිගාරියි
රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී තමන්ට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශ සිදු කළ බව කියමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාට විරුද්ධව හිටපු නියෝජ්‍ය කථානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්න ආසන සංවිධායක අජිත් රාජපක්ෂ මහතා ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අජිත් රාජපක්ෂ මහතා සඳහන් කළේ ඉකුත් දා පැවැති රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී එහි සභාපති ශාන්ත පද්මකුමාර මහතා විසින්, දිට්ඨා සුළිකුණාටුවෙන් හානියට පත් වූවන්ට ලබා දෙන සහනාධාර චෙක්පතක් තමන් ලබාගෙන ඇති බවට අසත්‍ය චෝදනාවක් එල්ල කර තිබෙන බවයි.
එමෙන්ම තමන් පදිංචිව සිටින්නේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බවත්, එම ප්‍රදේශයට එවැනි සුළිකුණාටුවකින් කිසිදු හානියක් සිදු නොවූ බවත් ඔහු ප්‍රකාශ කරයි.
එබැවින් තමන් කිසිදු සහනාධාරයක් ඉල්ලා නොමැති බවත්, එවැනි චෙක්පතක් තමන්ට ලැබී නොමැති බවත් ඔහු අවධාරණය කළ අතර මෙය තමන්ගේ දේශපාලන පෞරුෂයට හානි කිරීමට සිදු කරන ලද පහත් ක්‍රියාවක් බව ද සඳහන් කළා.
අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් කරුණු විමසන ලෙස තමන් පොලිසියෙන් ඉල්ලා සිටි බවත්, තමන්ට සිදු වූ අපහාසයට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ හිටපු නියෝජ්‍ය කථානායකවරයා, මැතිවරණ සමයේ "මල් පැල" වශයෙන් හඳුන්වා දුන් පිරිස දැන් "වල් පැල" බවට පත්ව ඇති බවට චෝදනා කර ඇත.
එසේම ඔහු කියා සිටියේ රට පාලනය කිරීමට තබා ගමක ජීවත් වීමටවත් මොවුන් සුදුසු නැති බවත්, වත්මන් පාලනය ජනතාව රැවටූ "බොනිකර තරුවක්" බවත් ය.
ඊට අමතරව රටේ සංවර්ධනය මුළුමනින්ම ඇනහිට ඇති බවත්, වෛද්‍යවරුන් සහ උපාධිධාරීන් වැනි වෘත්තිකයන් පාරට ඇද දමා ඇති බවත් පෙන්වා දුන් ඔහු, පොහොර සහනාධාරය නොලැබීම හා වී මිල පහත වැටීම නිසා ගොවි ජනතාව ද දැඩි අසීරුතාවට පත්ව ඇති බව පැවසුවා එමෙන්ම ගල් අඟුරු සහ හාල් ටෙන්ඩර් හරහා රජය දූෂිත අයුරින් කටයුතු කරන බවට ද ඔහු චෝදනා කළ බව සඳහන්.