මාරාන්තික නිපා නොසලකා හරින්න එපා රවි කියයි

Report

ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් කීපයක ව්‍යාප්ත වන බවට වාර්තා වී තිබෙන මාරාන්තික ‘නිපා’ වෛරසය මෙරටට ඇතුළුවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඒ සඳහා පෙර සූදානම් වීම අතිශය වැදගත් වනු ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කර තිබේ .

මේ වනවිට ඉන්දියාවේ බටහිර බෙංගාලයේ නිපා වෛරසය ආසාදිත වූ රෝගීන් හමුවීමත් සමග තායිලන්තය, හොංකොං, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල් ඉන්දියාවේ සිට පැමිණෙන මගීන් හා සැක සහිත පුද්ගලයන් සෞඛ්‍ය පරීක්ෂණවලට ලක්කිරීමට පියවර ගෙන තිබේ.

ඔහු අනතුරු අඟවන්නේ ශ්‍රී ලංකාව ඒ පිළිබඳ සැලකිලිමත් නොවීම රට යළි වසංගත ව්‍යසනයකට යෑමක් වියහැකි බවයි.

කොවිඩ් සමයේ සිට පැවති කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්ථාපිත කර තිබූ රසායනාගාරය ද මේ වනවිට වසාදමා ඇති බවත්, ‘නිපා’ වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය උපකරණද මෙරට රසායනාගාරවල නොමැති බවත් සභාපතිවරයා සදහන් කර තිබේ.

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් භයානක වසංගත තත්ත්වයක් ඇති කළ හැකි වෛරස් ප්‍රභේද දහය අතර ‘නිපා’ වෛරසය ඇතුළත් කිරීම පිළිබඳව ද මෙරට සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානය යොමුකළ යුතු බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කර තිබේ.

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු